(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
වර්ෂාව හේතුවෙන් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4326 ක පුද්ගලයින් 15830 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙයින් වැඩිම පීඩාවන්ට පත්වී ඇත්තේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර පවුල් 1113 ක පුද්ගලයින් 4609 දෙනෙකු වන බව කියයි.
මේ සමඟම පුත්තලම පවුල් 946ක පුද්ගලයින් 2988 ක්ද , වෙන්නප්පුව පවුල් 583ක පුද්ගලයින් 2028 ක් , මුන්දලම 522 ක පුද්ගලයින් 1940 ක් , මහවැව පවුල් 476 ක පුද්ගලයින් 1831 ක් , නාත්තන්ඩිය පවුල් 337 ක පුද්ගලයින් 1235 ක් ආරච්චිකට්ටුව පවුල් 215 ක පුද්ගලියන් 733ක් , මහකුඹුක්කඩවල පවුල් 62ක 194 දෙනෙකු , වනාතවිල්ලුව පවුල් 34 ක පුද්ගලයින් 127ක් කල්පිටිය පවුල් 25 ක 96 දෙනෙකු , දංකොටුව පවුල් 9 ක 31 ක් , කරුවලගස්වැව එක් පවුලක සිව් දෙනෙකු ලෙස මෙසේ පිරිස වැඩිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ සමඟම මෙම පිරිසෙන් පවුල් 1116 ක පුද්ගලයින් 4443 දෙනෙකු ආරක්ෂීත ස්ථාන වල රඳවා ඇති බව කියයි.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)
(ඡායාරූප - ඔගස්ටීන් ප්‍රනාන්දු)