වැස්සෙන් උතුරේ පුද්ගලයින් 394ක් පීඩාවට


රොමේෂ් මධුෂංඛ

උතුරු පලාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රීක්ක 4 කට අයත් පවුල් 113 ක පුද්ගලයින් 394 දෙනෙකු විපතට පත්න ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරණ කාර්යාලය පවසයි.

මෙහිදී මන්නාරම් දිස්ත්‍රීක්කයේ පවුල් 75 ක්, කිලිනොච්චියේ පවුල් 28ක්, මුලතිව්හි පවුල් 3ක් සහ වව්නියාවේ පවුල් 07 වශයෙන් විපතට පත්ව ඇති බවට වාර්තා වෙයි.

මෙහිදී මන්නාරමට හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන් වෙතට අධික වර්ෂාවට අමතරව සුලි සුලං තත්වයක්ද බලපා ඇති අතර මන්නාරමේ සහ කිලිනොච්චියේ නිවාස 30 කට ආසන්න පූරණ හා අර්ධ හානි සිදුව ඇති බවට ආපදා කලමනාකරණ කාර්යාල පවසයි.

පවතින වර්ෂාපතනය හමුවේ වසම් භාර ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් විපතට පත් පවුල්හි තොරතුරු රැස්කර එම ජනතාව වෙනුවෙන් සහන සැපයීමටද පියවර ගෙන ඇති බවට ප්‍රදේශ භාර ආපදා කලමනාකරණ කාර්යාල වැඩි දුරටත් පැවසීය.