(එස්. ඩි. කොඩිකාර )
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාය යෑමෙන් නිවාස වලට හානි වී ඉන් පීඩාවට පත් පවුල් 03 ක සාමජිකයන් 11 කු කොටපොළ ප්‍රාදේශීය සභාවේ පුස්තකාල ගොඩනැගිල්ලේ අද (19) නවාතැන් ලබාදීමට කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා කටයුතු කළහ.
මෙ සේ නවාතැන් ලබා දීමට කටයුතු කළේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිශ්ශංක පුර ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වූ එකම පවුලට අයත් පවුල් තුනක සාමාජිකයන් බව සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය .
ඔවුන්ට අවශ්‍ය වියලි සලාක කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ලබා දෙන බවත් ඒවා ඔවුන්ට අවශ්‍ය අයුරින් පිස සකස් කර ගැනීමට ඉඩ සලසා දෙන බවත් සභාපති වරයා පැවසූ අතර ඔවුන්ට නිදා ගැනීමට අවශ්‍ය කොට්ට පැදුරු දෙනියාය පුෂ්පාරාම විහාරස්ථානයේ සැපයූ අතර අද (19) දිවා ආහාරය දෙනියාය පොලිසිය මගින් ලබා දීමට කටයුතු කලහ.