වැස්සෙන් මහනුවර 1546 ක් පීඩාවට



පැවැති  අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් අද (28 )  උදේ  10 වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් සංඛ්‍යාව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  14 ක පවුල් 350  කට අයත් පුද්ගලයින් 1546  දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති   බව අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20  කට අයත් පුද්ගලයින්  88  දෙනෙකු තව දුරටත්  රැඳී සිටන බවත්   ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.
 
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත්  සඳහන් කළේ, ආපදා තත්වයන් හේතුවෙන් නිවාස 112 කට  කට හානි වී ඇති බවත් එයින් නිවාස  හතරකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 108  කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.  
 
කෙසේ නමුත් දැනට ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් . සියලු දෙනාට අවශ්‍ය පහසුකම්  යුද හමුදාව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මැදිහත් විමෙන් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය.