වැස්සෙන් මන්නාරමේ පවුල් 95 ක් අවතැන්


 (රොමේෂ් මධුෂංඛ)
අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන කිහිපයකට බලපා ඇති ගංවතුරෙන්  පවුල් 95කට අයත් පුද්ගලයින් 356 දෙනෙකු විපතට පත්ව ඇති බවට මන්නාරම් ආපදා කලමනාකරණ ඒකකය පවසයි.
 
මන්නාරම ජීවපුරම්, සිම්රෝන් නගර්, ශාන්තිපුරම්, එමිල් නගර්, එලුත්තූර් ගම්මානවල වැසියන් මෙසේ ගංවතුර තත්වයන් හේතුවෙන් විපතට පත්ව ඇති අතර එම ප්‍රදේශයන්හි ගංවතුර තත්වයන් සතියක පමණ කාලයක් පැවතීමත් පවතින වර්ෂාවත් සමග ගංවතුර තත්වයන් වැඩි වෙමින් පවතින බවටද වාර්තා වෙයි.
 
අදාල ගම්මාන පිහිටි ප්‍රදේශයන්හි ජල කාණු පද්දති විධිමත්ව සැකසීමට කිහිප අවස්ථාවකදීම නගර සභාව දැනුවත් කළද වර්ෂාව ආරම්භ වන තුරුම කානු පද්දතී සකස් කිරීමට මන්නාරම් නගර සභාව කටයුතු නොකිරීම හේතුවෙන් ගංවතුර මෙසේ බැස නොයෑම හේතු වශයෙන් විපතට පත් ජනතාව පෙන්වා දෙති.
 
පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් කුඩා දරුවන්ටද සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිව තිබෙන අතරම දෛනික කටයුතු සියල්ලක්ම අඩපණ  වී ඇති බවද විපතට පත් වැසියෝ කියති.