(අංජුල මහික වීරරත්න)
දශක කිහිපයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකර අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර ඇතුලත යළි ගොඩ නැගීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙි.
අක්කර 20කට වඩා කුඹුරු පෝෂණය කරන වැව් පමණක් මෙලෙස යළි ගොඩ නැගීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වසරේ හම්බන්තොට, වව්නියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද අත්හැර දමන ලද වැව් 30ක් සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.