(කේ.ආර්.රාජමන්ත්‍රී)
වැලිමඩ නගරය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ සතිපළෙහි සියලු පහසුකම් සහිතව ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ හා නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද(25) විවෘත කෙරිණි.
වැලිමඩ ප‍්‍රාදේශීය සභාව විසින් මහා නගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ සහය ඇතිව මෙය ඉදිකරනු ලැබ තිබේ. මහ නගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් වැලිමඩ නගරය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 77 ක මුදලක් වැලිමඩ ප‍්‍රාදේශීය සභාවට ලබාදී ඇත.
ඒ අනුව දිගුකලක සිට විශාල අඩු පහසුකම් යටතේ පවත්වා ගෙන ගිය වැලිමඩ නගරයේ සතිපොළ, පහසුකම් සහිත කඩ කාමර 62ක් සහිත ගොඩනැගිලි සංකීර්ණයක් සහ අව් වැසි ආවරණ සහිත විවෘත එළවළු සිල්ලර වෙළඳපොළක් බවට පත්කර ඇත.
(ඡායාරූප - කේ.ආර්.රාජමන්ත්‍රී)



(ඡායාරූප - ඩී. කේ. රත්න)




