(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව සහ මුලතිව් ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර එම බලපත්‍ර දීර්ඝ කාලයක් තිස්සේ විකීණීමේ ජාවාරමක් වැටලීමට පුලියන්කුලම් පොලීසිය පියවර ගනු ලැබීය.
මාන්කුලම් සිට ඕමන්ත දක්වා ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකුගේ බලපත්‍ර පුලියන්කුලම් පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම බලපත්‍ර ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබේ.
පසුව කරන ලද වැඩිදුර විමර්ශනයකදී දිගු කලක් තිස්සේ කිසියම් පිරිසක් විසින් අදාළ බලපත්‍ර සකස් කර එක් බලපත්‍රයක් රුපියල් 20,000 කට විකුණා ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ ටිපර්ය හා ටිපර් රථයේ රියදුරු මෙන්ම ටිපර් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් ජුලි 3 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස මහේස්‍ත්‍රාත්වරයා නියම කළේය.
ව්‍යාජ බලපත්‍ර සකස් කරන ලද පිරිස සොයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය හා පුලියන්කුලම් පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.