නයනජිව බණ්ඩාර
ලෝක පරිසර දිනය යෙදී තිබු අද (5) දිනයේ වැල්ලවාය නගරයේ කැලිකසල ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා වැල්ලවාය නගරයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව හා ත්‍රිරෝද රථ සංගමය එක්ව වැල්ලවාය නගරයේදී විරෝධතාවක නියැලුණහ.
මෙම විරෝධතාව සඳහා වැල්ලවාය නගරයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නගරවාසින් 200 ක් පමණ එක්ව සිටියහ.