(උණවටුන ඩි.ජී.සුගතපාල)
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විත්තිකරුවන් දෙදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේසත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා එක් අයෙකුට රුපියල් විසි දහස බැගින් රුපියල් හතළිස් දහසක දඩ නියම කළේය.
ගාල්ල දඩල්ල මුහුදේදි බෝට්ටුවකින් ගොස් ඩයිනමයිට් යොදා මසුන් මරා ගොඩ බිමට ගෙන එමින් සිටියදි ගාල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය විසින් මාලු කිලෝ හතළිහක් සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

