වැරදි කළ 23ක් හබරණදී අල්ලයි



ක.ග කරුණාරත්න
නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ද සැකකරුවෝ 23 දෙනෙකු අද (25) අලුයම හබරණ දී සිදු කළවිශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
මොවුන් අතර දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට පෙනී නොසිට අධිකරණය මග හැර සිටින අය ද වන බව පොලිසිය සදහන් කරයි.
කේරල ගංජා ලග තබා ගැනීම, බීමත්ව රිය පැදවීම, ප්‍රසිද්ධ ස්ථානවල බීමත්ව අශෝභන ලෙස හැසිරිම වැනි සිද්ධියන් සම්බන්ධයෙන්ද සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
මොවුහු අද (25) දිනයේ කැකිරාව සහ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.