(ජේ.කේ.එල්. චාමින්ද)
රජයේ පාලන මිලට වඩා වැඩිමිලට කහ කුඩු අලෙවිකළ වෙළඳුන් දෙදෙනෙකුට හා සහල් අලෙවිකළ වෙළඳුන් 04 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් ගාල්ල නගරයේ සිදු කළ වෙළදසැල් පරීක්ෂාවක දී කහ කුඩු හා සහල් වැඩිමිලට අලෙවිකළ මෙම වෙළඳුන් කොටු කරගැනීමට හැකිවී තිබේ.
කහකුඩු කිලෝවක රජයේ පාලන මිල රුපියල් 750ක් වුවද මෙකි වෙළඳුන් දෙදෙනා කහ කුඩු කිලෝවක් රුපියල් 1800 ක මුදලකට අලෙවිකර තිබූ බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
කහකඩු සඟවාගෙන අලෙවි කරන බවටද තොරතුරු ලැබී ඇති අතර එවැනි වෙළඳුන්ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
කහ හිඟයක් ඇති අවස්ථාවක මෙකි වෙළඳුන් ග්‍රෑම් 50 බැගින් වැඩිමිලට නිකුත්කර විශාල ලාභයක් ලබන බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.