(ඔගස්ටින් ප්‍රනාන්දු)
ගුරු හා විදුහල්පතිවරුන් රැසක් තමන් මුහුණ පා සිටින ගැටළු ගණනාවකට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත නගර මධ්‍යයට එක් රොක්වි අද විරෝධතතාවක නිරතව සිටියහ.
හලාවත අධ්‍යාපන කලාපයේ පාසල්වල සේවය කරණු ලබන ගුරුවරු හා විදුහල්පතිවරු මෙසේ විරෝධතාවක නිරතව සිටියහ.
වසර ගණනාවක කාලයක පටන් සේවා ගැටළු රැසකකට මුහුණ දෙමින් සේවය කරණු ලබන නමුත් බලයට පත් කිසිදු රජයක් ඊට නිසි විසදුම් ලබා නො දීම නිසා තමන් කබලෙන් ළිපට වැටෙන තත්ත්වයට පත්ව ඇති බව මෙහිදි පෙන්වා දුන්හ.
වැටප් විෂමතාව වලක්වාලීමට මෙතක් කිසිදු පියවරක් නොගෙන තිබිම නිසා තමන් ආර්ථික වශයෙන් ද ඔත්පලව සිටින බව මෙම විරෝධතාවේ දි විරෝධතා පුවරු ඔසවා ගත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙන්වා දුන්හ.