( තිලකරත්න දිසානායක.)
වාහන හතක ව්‍යාජ අංක තහඩු සහ මෝටර් රථ දෙකක් සමග 56 හැවිරිදි පුද්ගලයෙකු ගම්පහ මූලස්ථාන පොලීසියේ දුෂණ මර්ධන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලද තොරතුරක් මත යක්කල , බෝගමුව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ලැගුම් හලක තිබී ව්‍යාජ අංක තහඩු සහ කාරයක් සමග යුද හමුදා වෙන්දේසියකින් ලබාගත් ජීප් රථයක් මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ බව දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බිනුර රණසිංහ මහතා පැවසීය.
මෙහි තිබූ කාර් රථය කොටස් එකලස් කොට සකස් කරන ලද එකක් බව අනාවරණය වී ඇති අතර ව්‍යාජ අංක තහඩු යොදා යම් නීති විරෝධී ක්‍රියාවන් හෝ ජාවාරම් සදහා යොදා ගෙන ඇත්තේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් සැකකරු සන්තකයේ තිබී සොයා ගත් අංක තහඩු හිමි වාහන හිමිකරුවන් සිටීද යන්නද සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් හෙතෙම සඳහන් කළේය.