(ප්‍රියානි මංගලිකා )
වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් වාහනයක් මතට ගසක් කඩා වැටීමෙන් ,වාරියපොල හලාවත ප්‍රධාන මාර්ගයයේ දී අද (12) සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා රෝහල් ගතකල බවත් අනතුරින් වෛද්‍යවරයෙක් ඇතුලු තිදෙනෙක් දිවි බේරාගෙන ඇති බවද වාරියපොල පොලීසිය පවසයි .
සායන කටයුත්තක් සඳහා වෛද්‍යවරයෙකු,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතෙකු ,සහ තවත් සේවකයෙකු ගමන් කරමින් සිට ඇති අතර මාර්ගය අද්දර වු ගසක් ගමන් කරමින් තිබු වාහනයමතට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබු රියදුරා ,වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරු කර යවා ඇති බවද පොලීසිය පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.