(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල මාමුණුව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ අද (01) සවස ගින්නක් ඇතිවී බරපතල ලෙස හානියට පත්ව ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
සවස පහට පමණ ගින්න ඇතිවී තිබෙන්නේ වාහනයක විදුලි කාන්දුවකින් බවට සැකකෙරේ. ඒ හේතුවෙන් එහි තිබූ ඉන්ධන බවුසරයකට ගිනි ඇවිලී ඇති අතර පසුව ගින්න ඉන්ධන පිරවුම් හලේ එක් ඉන්ධන පොම්පය කට සහ පිරවුම් හලේ වහලයේ කොටසකටද පැතිරී තිබිණ.
කුරුණෑගල නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ සවස 6.39 පමණ වනවිට ගින්න පාලනය කර ගැනීමට හැකිවූ බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය.
වාරියපොල පොලිසිය සහ ප්‍රදේශවාසීන් ගින්න පැතිරීම වැලැක්වීමට ක්‍රියා කළ අතර ගින්න හේතුවෙන් කුරුණෑගල පාදෙණිය මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවිය. ගින්න හේතුවෙන් සිදුවූ අලාභය තවමත් තක්සේරු කර නොමැත.