(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය නගරය ආසන්නයේ ඉදි කරමින් පවතින නවීනතම නිවාස සංකීර්ණයක ගබඩාවක් කඩා එහි තිබූ වායු සමීකරණ යන්ත්‍ර 30ක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සහ එම යන්ත‍්‍ර මිලදී ගත් ව්‍යාපාරිකයකු අද (27) සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
එම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු බාර සමාගම මගින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
එම නිවාස සංකීර්යෙහි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබූ දර්ශන අනුව වැඩ බිමෙහි සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ කරුණු මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ ති‍්‍රකුණාමලය සහ ගිනිගත්හේන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 19 ත් 21 ත් අතර වන අදාළ වැඩ බිමෙහි සේවයෙහි නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු සහ සොරකම් කරන ලද වායු සමීකරණ අඩු මුදලකට මිලදී ගෙන තිබූ වත්තල ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.