(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු හතරක් සමඟ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු දෙවනගල පදිංචි 38 හැවිරිදි පුද්ගලයකි.
මොහු බලන්ගොඩ නගරයේ ඇති සතොස වෙළඳසැලට පැමිණි භාණ්ඩ මිලදීගෙන ඒ සඳහා රුපියල් දහසක මුදල් නෝට්ටුවක් මුදල් අයැකැමිට දී ඇත. නොට්ටුව ගැන සැක සිතූ අයකැමිවරයා කළමනාකරුට දන්වා ඇති අතර, පසුව බලන්ගොඩ පොලිසියට දන්වා ඇත.
බලන්ගොඩ පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී එකම අංකය සහිත රුපියල් දහසේ තවත් නෝට්ටු 3ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.