ව්‍යාජ ගුවන් බලපත් ළඟ තබා ගත් ලාංකිකයින් දෙදෙනෙකුට සිංගප්පූරුවේදී සිර දඬුවම්


( තිළිණි ද සිල්වා )

ව්‍යාජ ලෙස සැකසූ ගුවන් ගමන් බලපත් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණයකින් මාස අට බැගින්  සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ 21 හැවිරිදි සහ  32 හැවිරිදි වියේ පසුවන ලාංකිකයින්  දෙදෙනාට දෙදෙනෙකුට එරෙහිවය.

මොවන් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාජ සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ සිංගප්පූරු හැදුනුම්පතක් ළග තබාගැනීමේ චෝදනා මත  පසුගිය පෙබරවාරි 29 වන දින සිංගප්පූරුවේ ටුවාස් මුරපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට ආධාර අනුබලදීමේ චෝදනා මතය..

පසුව මොවුන්ට එරෙහිව සිංගප්පූරු පොලීසිය විසින් එරට අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එම නඩු විභාගය ඊයේ (06)  අවසන් කරමින් මෙම සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

 මෙම ලාංකිකයින් දෙදෙනා සරණාගතභාවය සදහා කැනඩාවට යාමට මෙලෙස ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.