වවුනියාවේ සුපිරි වෙළඳසැල් 3 ක් කොල්ලකයි


 

 

රොමේෂ් මධුෂංඛ

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 3 ක් කොල්ල කා සැකකරුවන් පලා ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

කුරුමන්කාඩු ප්‍රදේශයේ එකට පිහිටි වෙළඳසැල් 3 කට ඊයේ රාත්‍රීයේ කිසියම් කොල්ල කල්ලියක් අගුලු කඩා ඇතුල් වී ඇති අතර ඇතුල් වූ කල්ලිය විසින් වෙළඳසැල්හි තිබූ මුදල් හා භාණ්ඩ සියල්ලක්ම රැගෙන ගොස් ඇති බවට මූලික පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය කියා සිටියේය.

අදාළ වෙළඳසැල්හි හිමිකරුවන් රාත්‍රීයේ වෙළඳසැල් තුළ නොසිටින අතර අද (11) උදෑසන වෙළඳසල් විවෘත කිරීමේදී වෙළඳසැල්හි අගුල් කඩා භාණ්ඩ රැගෙන ගොස් තිබීම නිසාවෙන් ඒ පිළිබඳව වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් කොල්ල කල්ලිය කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොල්ල කා ඇත්තේ දුරකතන අලෙවිසැලත් ,සිල්ලර වෙළඳසැලක් හා විසිතුරු භාණ්ඩ වෙළඳසැලක් වන අතර සිදුව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නොමැති බවත් සැකකරුවන් සොයා පරික්ෂණයක් ද ආරම්භ කර ඇති බවද වව්නියාව පොලීසිය පවසයි.