(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව කලුකුණ්නම්මඩු ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ අද (30) අලුයම ලොරි දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකදී පුද්ගලයෙකු මිය ගොස් තවත් 4 ක් තුවාල සිදුව ඇති බව ඉරට්ටපෙරියකුලම් පොලීසිය කියයි.
කොච්චිකඩේ ප්‍රදේශයේ සිට පැමිණි උළු ලොරියක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කලුකුන්නම්මඩුව මන්සන්ධියේදී ඒ-9 මාර්ගයේ අයිනක නවත්වා එහි මුදලාලි වරයා ඇතුළු තිදෙනෙකු විසින් පරික්ෂා කරමින් සිටින අතර තුරදී අනුරාධපුර දෙස සිට වව්නියාව දෙසට ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන ලොරියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ උළු ලොරියේ ගැටී ඇත්තේ කාර්මික දෝෂය පරික්ෂා කරමින් සිටි තිදෙනාද යටකරගෙනය.