(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් බරපතල තත්වයේ සිටි විශේෂ බළකායේ බලසේනා මේජර්වරයකු හා රියදුරු අද (5) අලුයම වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝහල වෙතට මාරු කර යැවූ බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය කියයි.
ඉරට්ටපෙරියකුලම් මන්සන්ධියේ දී ඒ-9 මාර්ගයේ පාපැදියකින් කුඩා ළමුන් දෙදෙනෙකු ගමන් කරමින් සිටියදී පිටුපසින් යුද හමුදා ජිප් රථයක් පැමිණ ඇති අතර එහිදී ජිප් රථයට යටවීමට ගිය ළමුන් බේරා ගැනීමට ජිප් රථයේ රියදුරු උත්සහ කිරීමේදී ජිප් රථය පෙරලී ගොස් ගසක වැදී ඇති අතරම ජිප් රථය පෙරලී යන අවස්ථාවේදී ළමුන් දෙදෙනා ගමන්ගත් පාපැදියේ කොටසක් වැදීමෙන් ළමයි දෙදෙනා සුළු තුවාල ලබා වව්නායාව මහරෝහලට ඇතුලත් කර ඇත.
අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් විශේෂ බළකායේ බලසේනා මේජර්වරයකු හා රියදුරෙකු වූ අතර පළමුව ඔවුන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා අනුරාධපුර මහරෝහලට පිටත් කර යැවූ බවට පරික්ෂණ සිදු කරන ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.