වවුනියාව නගර සභාව අසල විරෝධතාවයක්



 
සිතුම් චතුරංග
       
වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් වවුනියාව නගරාධිපති රාසලිංගම් ගෞතමන් මහතා වෙත බැන තර්ජනය කිරීමට එරෙහිව වවුනියාව නගර සභා සේවකයින් පිරිසක් අද (31) වවුනියාව නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.


නගර සභාවේ සුළු සේවකයින් විසින් නගරාධිපතිවරයාට බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර පැයකට ආසන්න කාලයක් තම සේවා වලින් ඉවත්ව  විරෝධතාවයේ නිරතවිණි.


පසුගිය (28) වැනිදා නගරාධිපතිවරයා විසින් නගර සභාවට අයත් වවුනියාව බන්ධනාගාරයේ අවට මාර්ගය පරීක්ෂා කිරීමට ගොස් ඇති අවස්ථාවක එම මාර්ග පරීක්ෂාවෙන් පසුව තම නිල රථයෙන් නැවත නගර සභාව වෙත පැමිණීමට කටයුතු කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් නගරාධිපතිවරයාට බැණ තර්ජනය කර ඇති බව විරෝධතාකරුවන් පැවසීය.