(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පන්ඩාරිකුලම් හා කට්පගකුලම් ප්‍රදේශවලිදී ඊයේ (19) රාත්‍රියේ තියුණු ආයුධ වලින් සිදු කර ගත් පහර දීම් හේතුවෙන් මේ වන විට හයක් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය කියයි.
යතුරු පැදිවලින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් තියුණු ආයුධ වලින් පළමුව අදාල වෙළඳසැට පැන වෙළඳ සැලට දැඩි අලාභ හානි සිදු කොට ඇති බවත් වෙළඳසැලේ සිටි දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදු කොට ඇත.
පහරදුන් පිරිස පලා ගොස් ඇති අතර පහර දුන් පිරිස් මේ වන තුරු හඳුනාගෙන නොමැත. මෙම පිරිස් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසුව පහර දී ගැනීම සිදු කොට ඇති අතර පහර දී ගැනීම් තියුණු ආයුධ සහිතවද සිදු කොට ඇති හෙයින් මෙසේ කැපුම් තුවාල සහිතව සිව් දෙනෙකු රෝහල් ගත කොට ඇත.