(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ ප්‍රදේශිය සභා බල ප්‍රදේශයට අයත් වලේබොඩ උඩකන්ද මාර්ගයේ සිිතගල ප්‍රදේශයේ බෝක්කුවකුත් සමග මාර්ගයේ කොටසක් වර්ෂාවත් සමග අද (11) දා සවස කැඩෙි ගොස් ඇත.
මේ හේතුවෙන් එම ස්ථානයෙන් වාහන ධාවනය කිරිම දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවද ජනතාව පෙන්වා දෙති. එම මාර්ගයේ දිනකට මගී ප්‍රවාහන බස් රථ දහයක් මෙන්ම වාහන දහස් ගණනක් ධාවනය කෙරෙන බව ප්‍රදේශවාසීහු කියති.
පෙරවරුවේ සිට පැවැති අධික වර්ෂාවත් සමග එම බෝක්කුව සහ මාර්ගයේ කොටසක් ගොස් ඇත.