(ටී.කේ.ජී.කපිල )
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(24) අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.
සැකකරු හලාවත , මාරවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .
සැකකරුගේ ගමන් මලුවල රුපියල් 36,69,250 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 22 යි ග්‍රෑම් 150 ක් තිබී හමුවී ඇත.
ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ දී කළ ස්කෑන් පරීක්ෂණයක දී අත්අඩංගුවට ගෙන තිබේ
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.ආර්.එන්.බණ්ඩාර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.