වල් ඌරකු මස් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට


 (එම් .සුසිල් ප්‍රියන්ත )


වල් ඌරකු විදුලි මන්දකට හසුකර මරා මස් කර මස් ඌරු මස් අලෙවි කළ අයෙකු අද (8 ) පස්වරුවේදී කරන්දෙණීය ඔලියපොලදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව කරන්දෙණීය පොලීසිය කියයි .
 
සැකකරු අලවිය සදහා තබා තිබූ වල් ඌරු මස් කිලෝග්‍රැම් දහයක්ද මේ සමගම අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.
විදුලිය යොදා තමන් මරණ ලද වල් ඌරාගේ කිලෝග්‍රැම් හැටක් පමණ  බරක් තිබූ බවත් පොලීසිය තමන් වටලන අවස්ථාවේදී ඌරු මස් කිලෝග්‍රැම් පනහක් පමණ අලෙවි කර තිබූ බව සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදි හෙලිවූ බවද පොලීසිය කියයි .