වල් අලි ප්‍රහාරයෙන් පොලිස් සැරයන් රෝහලේ


උහන සිය නිවසේ සිට මධ්‍යම කඳවුර පොලිසිය රාජකාරි සඳහා පැමිණෙමින් සිටි පොලිස් සැරයන්වරයෙක් උදයපුරදී අද උදේ වල් අලි ප්‍රහාරයකට ලක්ව අම්පාර මහ රෝහලට ඇතුළු කරනු ලැබීය.

ඔහුගේ දකුණු පාදයට සහ දකුණු අතට තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.