(රංජිත් රාජපක්‍ෂ)
වලපනේ ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ එම සභාවේ පරිසර නිලධරයා අල්ලස් සහ දුෂණ විමර්ෂණ ඒකකයේ නිලධරයන් විසින් අද (24) අත්අඩංගුවට ගනු ලැබිණි.
එම ප‍්‍රදේශයේ ගල් පර්වතයක් කැඩීම සඳහා රුපියල් 25,000 ක අල්ලසක් ව්‍යාපාරිකයකුගෙන් ලබා ගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ලේකම්වරයා සහ පරිසර නිලධරයා නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.