වනඅලි තර්ජනයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්


නිමල් ජයරත්න

වනඅලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් දිඹුලාගල දම්මින්න සහ පුබුදුගම ගම්වාසීන් පිරිසක් අද (27) උද්ඝෝෂණයක නිරතවුහ.

පැය තුනකට අධික කාලයක් පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.

අරලගංවිල පොලිස් නිලධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණ 28 වැනිදා වනජීවි නිලධාරීන් එක්ව වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවට ලබාදුන් පොරොන්දුවක් සමඟ පිරිස විසිර ගියහ.