(ක.ග. කරුණාරතන සහ මනම්පිටිය නිමල් ජයරත්න)
වැලිකන්ද, අසේල පුර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් සිවිල් ආරක්‍ෂක භටයෙකු අද (12) අලුයම මරුමුවට පත්වී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද, අසේල පුර, අංක 64 ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එම්. සේනාරත්න නැමැති 34 හැවිරිදි අයෙකි.
සිවිල් ආරක්‍ෂක භටයා අලියාගේ පහරකෑමට ලක්ව ඇත්තේ සියනිවසේ සිට යතුරු පැදියකින් වැලිකන්ද දෙසට ගමන්කරමින් සිටියදී බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.
වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.