(ක.ග.කරුණාරත්න)
මනම්පිටිය නගරයට ආසන්නයේදී වන අලියෙකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි පුද්ගලයෙකු අද (10) මරුමුවට පත්ව ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ මනම්පිටිය,කොළණිය පාර,කෑගලූගම පදිංචිව සිටි ඩබ්ලිව්.ඞී.වීරසිංහ නැමැති 74 හැවිරිදි අයෙකි.
එම පුද්ගලයා ඊයේ අලූයම 5.30ට පමණ මනම්පිටිය ප‍්‍රතිභා ශාලාව අසලදී අලියාගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කලේය.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
වන අලියකු පහර දීමෙන් පුද්ගලයකු මරුට
Recommended Articles