වතුකරයේ රුස්ස ගස් කපලා - බඹර ප්‍රහාර වැඩිවෙලා


(සුදත් එච්. එම්. හේවා)      

වතුකරයේ රුස්ස ගස් කපා දැමීම නිසා වතුකරයේ පවතින බඹර ප්‍රහාරයන් වර්ධනය වීමත් සමඟ වතු කම්කරුවෝ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.

මේ පිළිබඳව අදහස් දක්වන වතු කම්කරුවන් බොහෝ පිරිසක් පවසනුයේ වතුකරයේ සිදුවන බඹර ප්‍රහාරයන් ඉහළ යමින් පවතින බවයි. 

වතුකරයේ සැරිසරන බඹරු  තේ පඳුරු යට බඹර කුඩු බඳින බවත් තේ දළු කඩන අවස්ථාවලදි එම තේ පඳුරු යට බැඳ තිබෙන බඹර කුඩු ඇවිස්සිමෙන් එහි සිටින බඹරු පහර දෙන බවයි ඔවුහු කියති.

මෙසේ නිරන්තරයෙන් සිදුවන බඹර ප්‍රහාර හේතුවෙන් මෙම කාලය තුළ වතු කම්කරුවන් විශාල පිරිසක් රෝහල් ගත කළ බවත් මෙම තත්ත්වයන් හේතුවෙන් නිසි ලෙස රැකියාව කර ගෙන යාමට නොහැකි තත්ත්වයක් පවතින බවත් ඔවුහු පවසති.