(ශාන්ත චන්ද්‍රසිරි)
ආගරපතන ඩයගම නැගෙනහිර පහළ කොටසේ වතු නිවාස පෙළක අද (20) හටගත් ගින්නකින් වතු නිවාස හයක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව ඩයගම පොලිසිය පවසයි.
නිවාස හයේ පදිංචිව සිටි පුද්ගලයන් 37 දෙනෙකු අවතැන්ව ඇති අතර ඔවුන් ඩයගම නැගෙනහිර දෙමළ විදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක තාවකාලික නවතා ඇති බව පොලිසිය පැවසීය.
ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය හා ඔහුන්ට අයත් අත්‍යවශ්‍ය ලියකියවිලි ද ගින්නෙන් විනාශ වී තිබේ.




