වතු කම්කරුවෝ පාර බසිති



රංජිත් රාජපක්ෂ

නෝර්වුඩ් ෂෝර්ටි වතුයායට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන්නැයි ඉල්ලා වතුකම්කරුවෝ පිරිසක්අද (25) පෙරවරුවේ හැටන් - බගවන්තලාව මාර්ගයේ අයර්බි ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් කළහ. 
මෙම උද්ඝෝෂණයට අයර්බි, ෂෝර්ට් කර්කස්වෝල්ඩ්, පෙයිස්ටන්, නිවටන්යන වතු ගණනවකවිශාල පිරිසක් එක් සිටියහ.  
තම ගම්මානයට යන කෙටිම මාර්ගය මෙය බවත් ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. 
මෙම උද්ඝෝෂණය පවතින අතර වාරයේ මාර්ග සංවර්ධන අධිකාරිය ගල් ලොරියක්  එම ප්‍රදේශයේ ගාල් කර ඇති බවත් මැතිවරණය සමයෙ තමන් රැවටීමට  උත්සාහ නොකර මාර්ගය පිළිසකර කර දෙන්නැයි වතු කම්කරුවන් අවධාරණය කර සිටිති.