වටවලදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වෙයි


(රංජිත් රාජපක්ෂ)                       

හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (06) පස්වරු 2 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදී බව පොලිසිය කීය.

හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමට රියදුරා උත්සහ කිරීමේදි බස් රථය රියදුරාගේ පාලනයෙන් මිදි පසු පසුට ධාවනය වීම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කන්දක ගැටී අනතුර පත් වී ඇති බව වටවල පොලිසිය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 15 දෙනෙකු පමණ ගමන්කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පැවසීය.