වංචනිකව ජලය ගෙන මණ්ඩලයට පාඩු කළ 5 කට දඩ


(ඉන්දිකා රාමනායක)

නීති විරෝධී ලෙස ජලය ලබාගෙන ජාතික ජල සම්පාදන හා ජල ජලාපවහන මණ්ඩලයට රුපියල් රුපියල් ලක්ෂයකට ආසන්න අලාභයක් සිදුකීරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්  මාලිගාකන්ද අධිකරණය හමුවේ වරද පිළිගත් මට්ටක්කුලිය ෆර්ගියුසන් පාරේ 219 වත්තේ නිවැසියන් 6 දෙනෙකුට මාලිගාකන්ද  ප‍්‍රධාන  මහේස්ත‍්‍රාත් කෝසල සේනාධීර මහතා අද (26) තරයේ අවවාද කරමින් රුපියල් 5000 බැගින් වු දඩ සහ අදාළ අලාභ මුදල  ගෙවීමට නියෝග කළේය.

මෙලෙස දඩ මුදල් නියම වුයේ සිගාමනී සිවකුමාර්, මොහොමඩ් අස්වර්, ගුරුසාමී  විජේකුමාර්,  මොහොමඞ් ඉල්බාල්  මොහොමඞ් වසීම්,   මොහොමඞ්   රාසික්  ෆාතිමා,  කන්දසාමි පර්නිසෙල්වම් නැමැති   විත්තිකරුට හා විත්තිකාරියට බව අධිකරණයෙන් වාර්තා වේ.

219 වත්තේ නීත්‍යනුකූලව ජල සැපයුම ලබාගෙන ඇති නිවෙස් වලට අයත්  ජල බට     වලින්  මොවුන් ඔවුන්ගේ නිවෙස් වලට වංචනික ලෙස ජලය ලබාගෙන තිබු බව   ලැබුණ   තොරතුරු මත  ජාතික ජල සම්පාදන හා ජල ජලාපවහන මණ්ඩලයේ  ප‍්‍රධාන ඉංජිනේරු   කේ පේ‍්‍රමකුමාර මහතාගේ උපදෙස් මත මරදාන වැටලීම් එකක්යේ  නිලධාරීන් හා ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර ඉහත  පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පිරිසට එරෙහිව අනවසරයෙන් වංචනික ලෙසට ජලය ලබා ගැනීම යන චෝදනා  යටතේ මාලිගාකන්ද අධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර සියලු විත්තිකරුවන්  එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව මහේස්ත‍්‍රාත්වරයා මෙම දඩ මුදල් නියම කර තිබිණි.

ජාතික ජල සම්පාදන හා ජල ජලාපවහන මණ්ඩලයේ මරදාන වැටලීම් එකකයේ නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වුහ.