ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂඥයින් දෙදෙනකු වන වික්‍රම් චාන්ඩ සහ චාර්ල්ස් අන්ඩිලන්ඩ් පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ දී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හමු වී සාකච්ඡා පැවැත්විය.
තොරතුරු පනත සහ එහි ප්‍රගතිය පිළිබදවද එය ගෙන ඒම සදහා රජය ගෙන ඇති පියවර ගැනද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි. තොරතුරු පනත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සඳහා ලෝක බැංකු ආධාර ලබාදීමටද ලෝක බැංකුවේ නියෝජිතයින් එකගවිය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජනාධිපති නීතිඥ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු ද එක්වූහ.