ලොරියක් පෙරැළී අයෙක් මරුට


( ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)
 
 පස්සර නගරයේ දී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් ධාවනය වී නගරය මැද පෙරළී යෑම නිසා සිදු වූ අනතුරකින් මගියෙකු මියගොස් ත්‍රී රෝද රථ 4 කට  හානි සිදුව තිබෙන බව පොලිසිය කියයි.
 
අනතුරින් පස්සර අඹතැන්නේගම පදිංචි කුරුලු කුමාර යන අය මියගොස් ඇති බව පොලිසිය කියයි.
 
කොළඹ සිට තහඩු රුගෙන පස්සරට (06) දින රාත්‍රී පැමිණි ලොරි රථය නගරයේ නවතා තබා අද (07) උදෑසන පනගැන්වීමට උත්සාහ කිරීමේදි එය නොහැකි වු නිසා කිහිප දෙනෙකු රථය තල්ලු කළ පසු මීටර් 600 ක් පමණ දුරක් තිරිංග අක්‍රියව නගරය මධ්‍යයේ ධාවනය වූ ලොරියට මගියෙකු හා නවතා තිබු ත්‍රී රෝද රථ හතරක් යටවීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.
  
අනතරට ලක්වූ මගියා බදුල්ල මහ රෝහලට ගෙන යන අතර මගදි මිය ගිය බවත් ලොරි රථයේ රියදුරු සුලු තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි.
 
පස්සර පොලිසිය පරීක්ෂණ පවත්වති