ලොරියක් පෙරළී 6කට තුවාල


(ප්‍රසාද් රුක්මල්/ ප්‍රසන්න පද්මසිරි)

නමුණුකුල මියනදුර මාර්ගයේ තේ කර්මාන්තශාලා හන්දිය අසලදී අද(8) අලුයම ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් 6 දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

නමුණුකුල පිංඅරාවවත්තේ පැවැති රදම් පෙරහරකට විදුලි ආලෝකය සැපයීමට විදුලි උත්පාදන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් එසේ අනතුරට ලක්වී ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනකු බදුල්ල මහ රෝහලට මාරු කරනු ලැබ ඇති අතර අනෙක් පිරිස පස්සර රෝහලේ ප්‍රතිකාර ලබති.