ලොරියක් අලි පැටවකුගේ ගැටෙයි


(සංජය මධුශාන්)

හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී වන අලියකු තුවාල ලබා ඇති  බවත් ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් හය දෙනකු රෝහල්ගත කළ බවත් හබරණ පොලිසීය පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයට එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයක් ඊයේ (25) රාත්‍රි 9.ට පමණ මෙලෙස වන අලි පැටවකුගේ ගැටී අනතුරට පත්විය.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් බලධාරියකු පැවසීය.

වන අලිපැටවාගේ හිසේ වම්පස  හා පාදය ප්‍රදේශයට දැඩි ලෙස හානී වී තිබේ.අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි ගල්ඹය පොලිසිය සැක පලකරති.

වෛද්‍යවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝගාතුර අලියාට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් නොසිටි අතර අද උදෑසන (26) 8.00න් පසු ප්‍රතිකාර සදහා වෛද්‍යවරයා පැමිණෙන බව මින්නේරිය ජාතික වන උද්‍යානයේ නිලධාරීහු පැවසූහ.