(ඩී.කේ.රත්න)
වැලිමඩ නුවරඑළීය ප්‍රධාන මාර්ගයේ කැප්පෙටිපොල දඹගහපල්ලම ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් එම ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා අද (23) වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිමඩ පොලිසිය පවැසීය.
වලපනේ සිට කහවත්ත දක්වා සංගීත කණ්ඩායමක ශබ්ද විකාශන යන්ත්‍ර රැගෙනයමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ වේල්ලක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇත.
ලොරි රථය පෙරළීයාමත් සමඟ එහි රියදුරු ලොරි රථය තුළ සිරවී සිට ඇති අතර ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් දරා එම පුද්ගලයා ඉවතට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.


