(රංජිත් රාජපක්ෂ )
හැටන් කොටගල සිට නල්ලතන්නිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකින් තේ කොළ ප්‍රවාහනය කිරිම සදහා ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට අද (21) ඇතුලත් කළ බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අද දහවල් මෙම අනතුර සිදු වි ඇත්තේ නෝටන්බ්‍රිජ් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නෝටන්බ්‍රිජ් තේබර්ටන් 5 කණුව ප්‍රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ලොරි රථය අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.