(චමිල් රූපසිංහ)
භාණ්ඩ පටවා ගමන් ගත් ලොරි රථයක් මහනුවර පොලිස් ගොඩනැගිල්ලේ හැප්පී සිදු වු අනතුරින් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදිම මිය ගොස් ඇති අතර එහි එහි ගමන් ගත් අනික් පුද්ගලයා බරපතල තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.
අද (15) අලුයම 4.00 ත් 4.30 අතර මෙම ලොරිය මහයියාව මාර්ගයේ සිට මහනුවර පොලිසිය දෙසට ගමන් කර ඇති අතර එම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මහනුවර ප්‍රධාන පොලිස් ගොඩනැගිල්ලේ තාප්පයද කැඩි ගොස් ඇති අතර ලොරි රථය පොලිසියේ බිත්තියේ ගැටි නැවති ඇත.
පොලිසිය පවසන්නෙ මෙම ලොරි රථයේ රියදුරුුට නින්ද යෑම නිසා මෙම අනතුරු සිදුවන්නට ඇති බවය .
මේ සම්බන්දව මහනුවර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

