ලොරි - යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ දී ලොරියක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු අද (26) මිය ගිය බව කළුතර උතුර පොලීසිය කියයි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙක් වන අතර ආපන ශාලාවක සේවය කරන්නෙකි. 

හොරණ  සිට කළුතර දෙසට ලොරි රථය ධාවනය වෙමින් තිබියදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබු යතුරුපැදිය මාර්ග නීති උල්ලංඝනය කරමින්  අධික වේගයෙන් පැමිණ ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා පෙම්වතිය හමුවීම සඳහා යමින් සිටියදී මෙම අනතුර වී ඇති අතර අනතුර වන අවස්ථාවේදී මියගිය පැදිකරු ආරක්ෂක හිස් වැසුම් පැළඳ සිට නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.