විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතාට පසුගිය දා ලබා දුන්නේ ය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනී නීතීඥ ශාමිලා පෙරේරා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස මුදල් අමාත්‍යාංශයේ දී ඊට අදාළ චෙක්පත මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා වෙත දුන්හ.
මේ අතර කඩුවෙල අවතැන් වූ ජනතාව වෙනුවෙන් වියළි ආහාර මලු බෙදා දීම සහ වෛද්‍ය කඳවුරක් පැවැත්වීම කඩුවෙලට අයත් අංක 474 සහ 474/A දරණ ග්‍රාමසේවා වසම් වල පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිය නිවෙස් ජලයට යටවී අවතැන් වූ පවුල් 950ක ප්‍රමාණයකට වියළි ආහාර සලාකා මලු බෙදා දීමේ වැඩසටහනක් හේවාගම විහාර මාවත අභිනවාරාමය ඉදිරිපිටදී පැවැත්විණ.
ඊට සමගාමීව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සහයෝගය ඇතිව දුකට පත් ජනතාව වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරක්ද පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා යටිතල පහසුකම් සැපයූ ශ්‍රී.ලං.නි.ප. කඩුවෙල ආසන සංවිධායක විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එක්විය.