ලුණුගල කඳු වැටියේ ගින්නක්


( නිශාන්ත කුමාර)
 

පස්සර හා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර පිහිටි  මීදුම්පිටිය  ලුණුගල කඳු වැටියේ මේ මොහොතේ (29) ගින්නක් පැතිරයමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක ඊ.එම්. එල්. උදය කුමාර මහතා පැවැසීය.

උදෑසන 8.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර උදෑසන 9.15 පමණ වන විටත් ගින්න පැතිරෙමින් පැවැති බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

ගින්න නිවාදැමීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ගිනිගෙන දැවෙන කඳුවැටිය ප්‍රදේශය වෙත පිටත්කර යැවීමට කටයුතු කළ බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත්  පැවැසීය.