ලලිත් - කූගන් ගැන කෙහෙළිය සාක්කි දෙයි


යාපනයෙදී 2011 වසරේ අතුරුදන් වූ ලලිත් සහ කුගන් ආරක්ෂා සහිතව සිටින බවට තමන් පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණු තොරතුරු අනුව බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යාපනය මහෙස්ත්‍රාත් සදීස් කරන් මහතා හමුවේ සාක්කි ලබා දෙමින් කියා සිටියේය.

රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ ලලිත්- කුගන් අතුරුදහන්ව නොමැති බවටයි.

2011 වසරේ දෙසැම්බර් මස 09 යාපනයේ දේශපාලන ප්‍රචාරණයේ යෙදී සිටි ලලිත් කුමාර වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් අමාත්‍ය වරයාගෙ අදාල ප්‍රකාශයද සැලකිල්ලට ගෙන ලලිත් කුගන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම  විමර්ශනය සඳහා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.ඇමැතිගේ සාක්කිය අවසන් විය. නඩුව අගෝස්තු 12 වැනකිදාට කල් ගියේය.