ලබුදූව උසස් තාක්ෂණ පීඨයේ තවත් සිසුවෙකුට පහරදීලා


(ඩී. ජී. සුගතපාල)
 
ලබුදූව උසස් තාක්ෂණ  ආයතනයේ  කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට නාඳුනන සිව්දෙනෙකු පහරදී තුවාල කර පලාගොස් ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

තුවාල ලැබූ සිසුවා කරාපිටිය -ලබුදුව මාර්ගයේ දී පා ගමනින් යමින් සිටියදී එහි පැමිණි සිව්දෙනෙකු අතින් පයින් හා බයිසිකල් චේන් ආදියෙන් පහරදී ඇත. 
 
තුවාල ලැබූ සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඉකුත් 28 වැනිදා  ඉංජිනේරු පීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් සිසුවිය‍ක සහ සිසුවෙකු ද තුවාල ලබා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිසුවාට පහරදී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ උදෑසන සිට උසස් තාක්ෂණ ආයතනය අවට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.