බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය මඟින් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන පරිත්ත්‍රාණ ධර්ම දේශනය සහ හීල්දානමය පිංකම මෙවරත් 18 වැනි බදාදා පැවැත්විණි.
වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න ප්‍රධාන නිලධාරීන්ගේ සංවිධායකත්වයෙන් පැවති පිරිත් සජ්ඣායනය සඳහා එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය 30 නමක් සහභාගි වුහ.
ශ්‍රී ලංකාවේ සිදුවු ස්වාභාවික වියසනයෙන් විපතටපත් සියලුම දෙනා සහ වසර 7 කට ඉහතදී අප මාතෘභූමිය ත්‍රස්තවාදී යුද්ධයකින් මුදවාගැනීම සඳහා ජීවිත පුජාවෙන් සේවය කළ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලු රණවිරුවන් සිහිපත් කර ඔවුනට සෙත් පැමිණවීමද මෙහිදී සිදු කෙරුණි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් විශේෂ අනුශාසනාව පැවැත්විණි.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/11.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/41.png)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/61.png)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/81.png)
![10[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/102.png)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/111.png)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1211.png)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1411.png)
![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1511.png)
![18[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/181.png)
